වැලිගම අකුරැස්ස මාර්ගයේ කි.මි.6ක් පමණ ගිය විට හමුවන බෝදගල කන්ද බෑවුමෙන් වම් පසට ඇති වැලිපිටිය දක්වා දිවෙන මාර්ගයේ මීටර් 200 ක් පමණ දුර යන විට වම්පස පිහිටා ඇති රමණිය කුඩා කදු භුමියක මෙම පාසල පිහිටා ඇත.1930 දී පමණ මෙම විද්‍යාලය පන්සල් පාසලක් සේ කඩොල්ගල්ල ශ්‍රි සුභද්‍රාරාමයේ ධරිම ශාලාවේ ආරම්භ විය.පසුව විහාරස්ථ භුමි භාගයේ පොල්අතු ශාලාවක පවත්වගෙන යන ලදී.එවකට විහාරාධිපතිව වැඩවිසූ දිද්දෙනිපොත අත්ථදස්සි හිමියන්ගේ නමින් මෙම ආයතනය (පාසල) කඩොල්ගල්ල අත්ථද්ස්සි බෞද්ධ පාඨශාලාව යයි නම්විය.
දියුණුවට පත් මෙම ආයතනයට ගොඩනැගිල්ලක් අවශ්‍ය විය.1932 දී පමණ විද්‍යාවර්ධන සමිතියමහජන ආධාර ඇතිව ,දැනට විද්‍යාලය ඇති භුමියෙන් ඉඩම් කොටසක් මිලට ගෙන අඩි 80*20 ප්‍රමාණයේ ගොඩනැගිල්ලකට මුල්ගල තබන ලදී. එවකට අධ්‍යාප ඇමති ධූරය හෙබවූ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ සුරතින් ගොඩනැගිල්ල විවෘත විය.අනතුරුව බෞද්ධපාඨශාලා සාමාන්‍යාධිකාරී ගාල්ගේ එච්.ඩබ්.අමරසූරිය මැතිතුමාගේ උපදෙස් අනුව රජයේ ආධාර ලබන බෞද්ධ පාඨශාලාවක් වශයෙන් ලියාපදිංචි කරන ලදුව කොන්දේසි සහිතව ගාල්ල බෞද්ධ අධ්‍යාපන සමිතියට භාර දෙන ලදි.මේ වන විට ගුරුමණ්ඩලය 3ක් විය.සීඝ්‍රෙයන් ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වූයෙන් ගුරු මණ්ඩලය 08 දක්වා වැඩි විය.ගොඩනැගිලි ඉඩකඩ මදි වූයෙන් විදයාවර්ධන සමිතිය මහජන ආධාර ඇතිව 1951 දි අඩි 65*18 වු ගොඩනැගිල්ලක් කරවන ලදි.1951 දි විද්‍යාලීය ක්‍රිඩාපිටියට අවශ්‍ය අක්කරයක පමණ භුමි භාගයක් රජයෙන් ලැබී ඇත.1961 වර්ෂයේ දි ආධාර ලබන පාසල් රජයට පවරා ගැනීම අනුව මෙම පාසල රජයට අයත් එකක් විය.
මෙම කාලය තුළ පාසල,පාඨශාලා ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර (අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ) විභාග පන්ති දක්වා උසස් විය.මේ අනුව අධ්‍යාපනය ලබාගත් ආදි සිසුන් විශාල ප්‍රමාණයක් වේ.ඉන් බෙහෝ දෙනෙකු රජයේ විවිධ රැකියාවන්හි සේවය කරන අතර ,පෞද්ගලික අංශයේ රැකියා කරන අය ද රාශියකි.1970 පාසල් ප්‍රති සංවිධානය නිසා අ.පො. ස (සා.පෙළ) පන්තිති පැවත්වීමේ අවසරය නැති වුණි. එතැන් සිට 8 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්විණි.නැවත 10975 වර්ෂයේ සිට 9 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වීමට අවසර ලැබුණි.

මෙම පාසල් ප්‍රජාවට අයත් දරැවන්ගේ දෙමවිපියන් බොහෝදෙනෙකු අඩු ආදායම් ලාභින්ය.දැනට පාසල සතුව පවතින භෞතික සම්පත් ලෙස ගොඩනැගිලි වල ඌනතාවයක් පවතී.පන්ති පැවැත්විය හැකි ශාලා 03 ක් තිබුණ ද ඉන් දෙකක් අබලන් ත්තවයක පවතින අතර පනිත් 11ක් සදහා ඉඩකඩ කිසිසේතම ප්‍රමාණවත් නොවේ. කෙසේ වුව ද සිසුන් 220 ක් පමණ ඉගෙනුම ලබන මෙම පාසලින් අතීතයේ ද බොහෝ උගතුන් බිහිවූවා සේම වර්තමානයේ ද ඒ සදහා උර දෙමින් පවතින පාසලකි.
|
ආරම්භ කළ වර්ෂය |
1930 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
මුල් ගුරුතුමාගේ නම |
එම්. ඒ. ජයසේන මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
දිද්දෙනිපොත අත්ථදස්සි හිමි |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
කඩොල්ගල්ල අත්ථද්ස්සි බෞද්ධ පාඨශාලාව |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මහනුවර, මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ල |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඕ.එල්.විමලපාල |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. විමලාවතී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1940 දෙසැම්බර් 10 දින |