විදුහල්පති පණිවිඩය
කඩොල්ගල්ල කණිෂ්ඨ විද්‍යාලය

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම නගරය ආසන්නයේ දෙනිපිටිය ග්‍රාමය සමීපයේ පිහිටි මනරම් වෙල්යායකට මුහුණලා කඩොල්ගල්ල විහාරස්ථානය අසල ,සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සුව සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.සෞභාග්‍යා ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ සුහුරු පන්ති කාමරයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. දැනට අප පාසල වසර 92ක් පුරාවට කඩොල්ගල්ල ග්‍රාමයේ සිසු දරුවන්ගේ ණැන නුවණ දල්වාලමින් වැජඹී සිටියි.