පාසල් ගීතය
විදු ආලෝකය ඉතිරීලා
යස ගොස දසඅත පැතිරීලා
කඩොල්ගල්ල අප විදුහල් මෑණි සැරදේ ,සැරදේවා............//
සැරදේවා ....!නිති සැරදේවා..........!
විදුහල්මෑණි සැරදේවා..................!
තුරුලට එන සිසුනට සැමදා
නැණගුණ එඩි වඩමින සදා
නව යුගයක් වෙත අප ගෙන යනු මැන
සෙනෙහස සතුට බෙදා
සැරදේවා නිති සැරදේවා...............!
විදුහල්මෑණි සැරදේවා..................!
ඉසිකො මද මන් යන මේවා
ඔබගේ පහසින් දුරු වේවා
ගුරුළුගෝම් සහ විදුසක්විති වැනි
හෙළමහ පඩුවන් බිහිවේවා..................